ශ්‍රී දළදා මාලිගාවේ එළිමහන් කෞතුකාගාරය

ශ්‍රී දළදා මාලිගාවේ එළිමහන් කෞතුකාගාරය


ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරයේදී විනාශ වු කෞතුක නිර්මාණ රාජා ඇතා කෞතුකාගාරය සමීපයෙහි ස්ථාපිත කර
තිබු අතර, එහි ඇති අවධිමත් භාවය නිසා බැතිමතුන්ගේ අවධානයට ලක් නොවීය. 

ඊට පිළියමක් ලෙස එකී කෞතුක නිර්මාණ මුලික කරගෙන මාළිගා පරිශ්‍රයේ තැනින් තැන විසිර තිබු කෞතුක වටිනාකමක් ඇති ශෛලමය හා ලෝහමය නිර්මාණ මෙම යාබද එළිමහන් පරිසරයේ, විධිමත් අයුරින් සංරක‍ෂණය කොට ඇත.

මෙම එළිමහන් කෞතුකාගාරය පිහිටා ඇත්තේ නිදහස් පරිසරයක බැවින් එය නැරඹීමට පැමිණෙන දේශිය
විදේශිය බැතිමතුන් හට නිස්කලන්කව කාලය ගත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ. 

මේ තුළින් ඔවුනටඉහල මානසික සුවතාවයක් අත්කර ගත හැක. මෙය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා හා අධ්‍යාපන ගවේශකයින් නැවුම් අත්දැකීමක් එක්කලෙමින් බිහිවූ නව සංකල්පයක ප්‍රතිඵලයකි.
අසන්ත බෝලීන්

No comments:

Post a Comment