වීර මොණරවිල කැප්පෙටිපොල 199 වැනි ගුණානුස්මරණය.



වීර මොණරවිල කැප්පෙටිපොල 199 වැනි ගුණානුස්මරණය ශ්‍රී දළදා මාළිගාවේ මහමළුවේදී පැවැත්විණි.

මීට වසර 199 කට පෙරාතුව ස්‌වකීය ජන්ම භූමියත්, සම්බුද්ධ ශාසනයත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමේ පිවිතුරු චේතනාවෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අභීතවත් ලෙස නැඟී සිට තම ජීවිතය පරිත්‍යාග කළ වීර මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේ අනුස්‌මරණ උළෙල අද පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ එතුමන් උදෙසා ඉදි කොට ඇති ස්මාරකය ඉදිරිපිට දී පැවැතිවිණ.

වර්ෂ 1818 නොවැම්බර් මස 26 අද වැනි දිනක කන්ද උඩරට බෝගම්බර දී කැප්පෙටිපොළ රාජපක්‌ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නොහොත් කැප්පෙටිපොළ මහ නිලමේ ජාතිය වෙනුවෙන් දිවි පිදූහ. එය සිහි කරමින් පොලිස් උත්තමාචාර මධ්‍යයේ අනුස්‌මරණ උළෙල පැවැතිවිණ.

මේ අවස්ථාවට එතුමන්ගේ පවුලේ ඥාතී පිරිසක් ද සහභාගි වූ අතර, එහි දී මතක වස්ත්‍ර පූජාකොට පැන් වැඩීම සිදු විය. එමෙන්ම මහා විහාර පාර්ශවන්ගේ අනුනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහ සංඝ රත්නය උත්සවයට වැඩම කර සිටියහ.

ගරු දියවඩන නිළමේ තුමන් ඇතුළු සම්භාවනීය පිරිසක් ද පාසල් සිසුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

"වීර මොණරවිල කැප්පෙටිපොල සිහල විරුවාණන් හට නිවන් සම්පත්තියම උදා වේවා"

No comments:

Post a Comment